පුරාවෘත්තයක උරුමය - විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ විශ්‍රාම ගැනීමේ උත්සවය

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වසර විස්සකට අධික කාලයක් සේවයේ නියුතු වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ විශ්‍රාම ගැනීමේ උත්සවය.

රෝගීන්ට මෙන්ම රෝහලේ අභිවෘද්ධියටද අති මහත් වූ කැපවීමකින් දායක වූ එතුමා 2003 වසරේදී අප රෝහලට සේවය සදහා පැමිණ ඇත. රෝගී ජිවිත දහස් ගණනක් සුවපත් කල මෙතුමා ශ්‍රී ලංකාව පුරා පැතිරී සිටින සෞඛ්‍ය සේවකයින් සදහා ජාතික ඩෙංගු මර්ධන ඒකකයත් සමග සම්බන්ධව ඩෙංගු රෝග කළමනාකරණය පිලිබදව පුහුණු වැඩසටහන් ආරම්භ කර පවත්වන ලදී. විද්‍යායතනයක් ලෙස පුහුණු වැඩසටහන් පැවැත්වීමට ශ්‍රවණාගාර පහසුකම් ලබා දීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඒකාබද්ධ පුහුණු කිරීමේ ඒකකයක් ලෙසට ජාතික බෝවන රෝග විද්‍යායතනය පත් කිරීමටත් අවශ්‍ය ක‍ටයුතු සදහා මුලික පියවර තැබුවේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසිනි.

2025/01/25 වන දින " පුරාවෘත්තයක උරුමය " යන තේමාව යටතේ සියලුම රෝහල් කාර්යය මණ්ඩල වලද සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ අනුබද්ධ ආයතන වල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඇති උත්කර්ෂවත් ලෙස මෙම විශ්‍රාම ගැනීමේ උත්සවය පවත්විනි

විදේශ සෞඛ්‍ය කාර්යය මණ්ඩල සදහා පුහුණු වැඩමුළු ආරම්භ කිරීම

ජාතික ඩෙංගු මර්ධන ඒකකය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ ජාතික බෝවන රෝග විද්‍යායතනය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඒකාබද්ධව සංවිධානය කරන ලද බංගලාදේශ වෛද්‍යවරු සහ හෙදියන් සදහා සිදු කරන ලද ඩෙංගු රෝග කළමනාකරණය පිළිබද පුහුණු වැඩසටහන 2024 ජුලි මස පුරා සතියක් පැවැත්විය.

මෙම පුහුණු වැඩමුළුවට ඩෙංගු රෝග කළමනාකරණය පිලිබදව අන්තර්ක්‍රියාකාරී සැසි, රෝග කළමනාකරණ ඒකක නිරීක්ෂණය සහ සිද්ධි සාකච්චා අඩංගු විය. අප රෝහලේ රෝහල් අධ්‍යක්ෂතුමා, විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය කාර්යමණ්ඩලය, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියන් ඇතුළු හෙද නිලධාරීන් සමග ජාතික ඩෙංගු මර්ධන ඒකකය වෛද්‍යවරු විසින් මෙම පුහුණු වැඩසටහන මෙහෙයවන ලදී. ඔවුන්ට අවශ්‍ය ඩෙංගු රෝගය පිළිබද න්‍යායාත්මක දැනුමද ප්‍රයෝගික දැනුම ද මෙමගින් ඔවුන්ට ලබා දුණි.

විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සදහා විවේකාගාරයක් ගොඩනැගීම

ජාතික බෝවන රෝග විද්‍යයතනයට අඩුපාඩුවක්ව පැවති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ දෙමහල් විවේකාගාරය නාකුළුගමුවේ සුමන ස්වාමීන්වහන්සේගේ පරිත්‍යාගයෙන් නිම කර විවෘත කිරීම 2024 වසරේ නොවැම්බර් 7 වන දින එම ස්වාමින්වහන්සේ විසින්ම සිදු කරන ලදී. වාට්ටු අංක 2ට යාබදව පවතින මෙම දෙමහල් ගොඩනැගිල්ල වාට්ටු අංක 2හි රාජකාරියේ නියුතු සියලුම සේවකයින්ගේ විවේකාගාර වලින්ද සමන්විත අංග සම්පුර්ණ ගොඩනැගිල්ලකි.

Awareness of Chikungunya

හිත නිවන හැන්දෑව

හිත නිවන හැන්දෑව 2024/12/19 වන දින නත්තල් දින සැමරුමට සමගාමීව චාර්ල්ස් තෝමස් සහෝදරතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු ගීතමය සන්ධ්‍යාව. රෝහල් කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්ගේ ඒකාකාරී ජිවිතයෙන් මිදී මනස සුවපත් කර ගැනීමට අවස්ථාව සලසා දීමට මෙම අවස්ථාව රෝහල් තත්ත්ව කළමනාකරණ අංශය විසින් සංවිධානය සිදු කෙරුණි. චාර්ල්ස් තෝමස් සහෝදරතුමා සහ ඔහුගේ කණ්ඩායම විසින් මෙම වැඩසටහන සමාජ සත්කාරයක් ලෙස රෝහලහි පැවැත්විය.

Clinical society

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ දැනුම සහ කුසලතා යාවත්කාලින කිරීම වෙනුවෙන් හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතාගේ මුලිකත්වයෙන් සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යකාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් Clinical Society ආරම්භ කෙරුණි

කලා සංගමය සහ බෞද්ධ සංගමය නැවත පිහිටුවීම

මීට පෙර රෝහල් සුබසාධක සංගමයට අනුබද්ධව පැවති කලා අනුකමිටුව සහ බෞද්ධ අනුකමිටුව පිළිවෙලින් ස්වාධීන කලා සංගමය සහ බෞද්ධ සංගමය ලෙස නැවත ස්ථාපිත කෙරිණි. මෙමගින් බෞද්ධ සංගමයට රෝහල තුළ සියලුම ආගමික කටයුතු සංවිධානය කිරීමට අවධානය යොමු කිරීමට හැකි වන අතර කලා සංගමය රෝහලේ සංස්කෘතික හා අධ්‍යාත්මික පරිසරය පොහොසත් කරමින් සාහිත්‍ය හා කලාත්මක කටයුතු පෝෂණය කිරීමට අවස්ථාව සැලසේ.

රෝහලේ ඓතිහාසික පුරාවස්තු සංරක්ෂණය කිරීම ආරම්භ කිරීම

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය දක්වා දිවෙන පෞරාණික රෝහලක් ලෙස මෙහි ඇති පෞරාණික වස්තු සංරක්ෂණය කර මහජන ප්‍රදර්ශනය සඳහා ප්‍රරදර්ශනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ආරම්භ කරන ලදී.

සායන ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම

වෛද්‍ය සනත් කෝපරහේවා මහතාගේ සම්බන්ධීකරණයෙන් සහ රාජගිරිය ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් පුද්ගලික සමාගමේ (RTT) නොමසුරු පරිත්‍යාගයෙන් 2023 අප්‍රේල් 23 වන දින ගෘහ භාණ්ඩ සහිත නවීකරණය කරන ලද සායන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන ලදී.  of April,2023.

රසායනාගාර සංකීර්ණයේ බිම් වැඩ ආරම්භ කිරීම

ආසියානු සංවර්ධන බැංකුවේ HSEP ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට නියමිතව තිබූ නමුත් අතරමග නතර වී තිබූ BSL-2 රසායනාගාර සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කෙරිණි.