නවතම පුවත්
වර්ග
සංරක්ෂිතය
2025
අ
22

පුරාවෘත්තයක උරුමය - විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ විශ්‍රාම ගැනීමේ උත්සවය
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වසර විස්සකට අධික කාලයක් සේවයේ නියුතු වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ විශ්‍රාම ගැනීමේ උත්සවය.
රෝගීන්ට මෙන්ම රෝහලේ අභිවෘද්ධියටද අති මහත් වූ කැපවීමකින් දායක වූ එතුමා 2003 වසරේදී අප රෝහලට සේවය සදහා පැමිණ ඇත. රෝගී ජිවිත දහස් ගණනක් සුවපත් කල මෙතුමා ශ්‍රී ලංකාව පුරා පැතිරී සිටින සෞඛ්‍ය සේවකයින් සදහා ජාතික ඩෙංගු මර්ධන ඒකකයත් සමග සම්බන්ධව ඩෙංගු රෝග කළමනාකරණය පිලිබදව පුහුණු වැඩසටහන් ආරම්භ කර පවත්වන ලදී. විද්‍යායතනයක් ලෙස පුහුණු වැඩසටහන් පැවැත්වීමට ශ්‍රවණාගාර පහසුකම් ලබා දීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඒකාබද්ධ පුහුණු කිරීමේ ඒකකයක් ලෙසට ජාතික බෝවන රෝග විද්‍යායතනය පත් කිරීමටත් අවශ්‍ය කටයුතු සදහා මුලික පියවර තැබුවේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසිනි.
2025/01/25 වන දින " පුරාවෘත්තයක උරුමය " යන තේමාව යටතේ සියලුම රෝහල් කාර්යය මණ්ඩල වලද සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ අනුබද්ධ ආයතන වල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඇති උත්කර්ෂවත් ලෙස මෙම විශ්‍රාම ගැනීමේ උත්සවය පවත්විනි
2025
අ
21

විදේශ සෞඛ්‍ය කාර්යය මණ්ඩල සදහා පුහුණු වැඩමුළු ආරම්භ කිරීම
ජාතික ඩෙංගු මර්ධන ඒකකය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ ජාතික බෝවන රෝග විද්‍යායතනය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඒකාබද්ධව සංවිධානය කරන ලද බංගලාදේශ වෛද්‍යවරු සහ හෙදියන් සදහා සිදු කරන ලද ඩෙංගු රෝග කළමනාකරණය පිළිබද පුහුණු වැඩසටහන 2024 ජුලි මස පුරා සතියක් පැවැත්විය.
මෙම පුහුණු වැඩමුළුවට ඩෙංගු රෝග කළමනාකරණය පිලිබදව අන්තර්ක්‍රියාකාරී සැසි, රෝග කළමනාකරණ ඒකක නිරීක්ෂණය සහ සිද්ධි සාකච්චා අඩංගු විය. අප රෝහලේ රෝහල් අධ්‍යක්ෂතුමා, විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය කාර්යමණ්ඩලය, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියන් ඇතුළු හෙද නිලධාරීන් සමග ජාතික ඩෙංගු මර්ධන ඒකකය වෛද්‍යවරු විසින් මෙම පුහුණු වැඩසටහන මෙහෙයවන ලදී. ඔවුන්ට අවශ්‍ය ඩෙංගු රෝගය පිළිබද න්‍යායාත්මක දැනුමද ප්‍රයෝගික දැනුම ද මෙමගින් ඔවුන්ට ලබා දුණි.