නවතම පුවත්

HHIMS Implementation Begins at NIID

The National Institute of Infectious Diseases (NIID) has commenced the implementation of the Hospital Health Information Management System (HHIMS) from the October 2026, marking an important step towards improving patient care and hospital services.

Patients visiting NIID are kindly requested to bring their National Identity Card (NIC), Driving Licence, or any other valid identification document for registration.

The new system is expected to streamline patient registration, reduce waiting and processing times, and improve the efficiency of OPD and clinic services. NIID appreciates the cooperation of all patients and the public in supporting the successful implementation of HHIMS.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඉබෝලා ආපදා කළමනාකරණ පෙර පුහුණු අභ්‍යාසය

The National Institute of Infectious Diseases (NIID) conducted an Ebola Preparedness and Disaster Drill on 25 August 2026 .

ජාතික බෝවන රෝග විද්‍යායතනය (NIID) මගින් ඉබෝලා ඇතුළු ඉහළ අවදානම් සහිත බෝවන රෝග තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ආයතනික සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීමේ අරමුණින් 2025 අගෝස්තු 25 වන දින ඉබෝලා ආපදා කළමනාකරණ පෙර පුහුණු අභ්‍යාසයක් පවත්වන ලදී.

මෙම අභ්‍යාසය මගින් ඒකලන ක්‍රමවේද වැඩිදියුණු කිරීම, කාර්ය මණ්ඩලයේ දැනුම හා ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීම සහ ආසාදන වැළැක්වීම හා පාලන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. තවද, හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම සහ අදාළ ඒකක අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සඳහා පවතින හිඩැස් හඳුනාගෙන NIID ආපදා කළමනාකරණ සැලැස්ම තවදුරටත් වැඩිදියුණු කිරීමට මෙම අභ්‍යාසය වැදගත් අවස්ථාවක් විය. මෙම අභ්‍යාසය මගින් ඉබෝලා සහ අනෙකුත් ඉහළ අවදානම් සහිත බෝවන රෝග තර්ජන සඳහා කඩිනම් හා ඵලදායී ප්‍රතිචාරයක් දැක්වීමට NIID හි සූදානම තවදුරටත් ශක්තිමත් කරන ලදී.