Out Patient Department (OPD) is a unit committed to deliver an exceptional outpatient care service. It functions from 8.00 am to 12 pm and 2.00 pm to 8.00 pm on Monday to Friday and 8.00 am to 12.00 pm on Saturdays. There are separate Consultation areas, an outdoor dispensary, a dressing room, a sampling area, a nebulization area, Continuous Care Coordination Center for Fever and a Health Education Unit for OPD patients.
සායන
සායන පවත්වාගෙන යනු ලබන්නේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන් සහ සෞඛ්‍ය සේවා සහකාරවරුන් විසිනි. සායන සම්බන්ධීකරණය කිරීම, සායන වාර්තා පවත්වාගෙන යාම සහ සායන පොත් ගබඩා කිරීම භාරව සිටින හෙද නිලධාරියාට පැවරේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය
මෙම ඒකකය, රෝහල තුළ තිරසාර සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ස්ථාපිත කිරීමට රෝහල් ප්‍රජාවට සහයෝගය ලබාදේ. මෙම ඒකකයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ රෝගීන් සඳහා සුවදායක පරිසරයක් නිර්මාණය කිරීම හා සියලුම පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීව සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් නිර්මාණය කිරීමයි.
දන්ත වෛද්‍ය ඒකකය
දන්ත වෛද්‍ය ඒකකය ද බාහිර රෝගී සේවාවකි. මෙම ඒකකය නවීන දන්ත පුටු සහ අනෙකුත් පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක පිහිටා ඇත. මෙම ඒකකයට දන්ත ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනකු වෙන් කර ඇති අතර එමඟින් ප්‍රජාවට සුවිශේෂී සේවාවක් සිදුවේ.
තුවාල සැරහුම්, රුධිර සාම්පල ගැනීමෙ හා නෙබියුලයිස් කිරීමේ ඒකකය
මෙම ඒකකය තුවාල සදහා සැරහුම් යෙදීම, නිහාරික කිරීම සහ රසායනාගාර පරීක්ෂණ සඳහා නිදර්ශක ලබා ගැනීම සඳහා කැපවී සිටින බාහිර රෝගී සත්කාර සේවාවේ කොටසකි.