රසායනාගාරය

අවම යටිතල පහසුකම් යටතේ රසායනාගාරය රෝගීන්ට උපරිම සේවාවක් සපයයි. එහි රක්තවේදය, ජෛව රසායනය, ක්ෂුද්‍රජීව විද්‍යාව සහ PCR පරීක්ෂණ සඳහා වෙනම අංශ හතරක් ඇත. ක්ෂුද්‍රජීව විද්‍යා විශේෂඥ වෛද්‍ය වරයෙක් සහ රක්තවේද විශේෂඥ වෛද්‍ය වරයෙක් රසායනාගාරය අධීක්ෂණය කරයි. වාර්තාවල විශ්වසනීයත්වය සහ ප්‍රමිතිය සුරැකීමට කාර්යමණ්ඩලය ඇප කැප වී සිටී. සියලුම යන්ත්‍ර අභ්‍යන්තර තත්ත්ව පාලන ඇගයීම් සඳහා දිනපතාද බාහිරව වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) මගින් මාසිකවද සිදු කරනු ලැබේ.

විකිරණ අංශය

මෙම ඒකකය අභ්‍යන්තර හා සායන රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදු කරයි. ඔවුන් එක්ස්-රේ, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන්, එකෝ පරීක්ෂණ සහ CT සිදු කරයි. විශේෂිත සේවාවක් සැපයීම සඳහා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු සතිපතා රෝහලට පැමිණේ. නව CT ඒකකය ආසන්න රෝහල් සඳහා පහසුකම් සපයයි.

ඖෂධාලය

ඖෂධාලය බාහිර සහ අභ්‍යන්තර ලෙස වෙන් කර ඇත. බාහිර ඔසුසල මගින් බාහිර රෝගී අංශය සහ සායන රෝගීන් සඳහා ඖෂධ සපයනු ලැබේ. අභ්‍යන්තර ඖෂධාලය අභ්‍යන්තර රෝගීන්ගේ අවශ්‍යතා සපයයි. එය ඖෂධවේදීන්, ඖෂධ සංයෝජකයන් සහ සෞඛ්‍ය සේවා සහායකයින් විසින් පවත්වාගෙන යනු ලැබේ. ත්‍රෛයිමාසික ඖෂධ ප්‍රතිකාර කමිටු රැස්වීමේදී ඖෂධ ද්‍රව්‍ය සම්බන්ධ සියලු ගැටලු සාකච්ඡා කෙරේ. ප්‍රමාණවත් ඖෂධ තොගයක් පවත්වා ගැනීමට ඖෂධවේදීන් දැඩි වෙහෙසක් ගනී.

ලේ බැංකුව

ඩෙංගු රෝගීන්, දැඩි සත්කාර ඒකකයේ රෝගීන් සහ ඇතැම් රෝගීන් කළමනාකරණය කිරීම සඳහා රුධිර බැංකුව විශාල කාර්යභාරයක් ඉටු කරයි. එය රෝහලට පැය 24 පුරාම සේවය සපයන මනා පුහුණුව ලත් කාර්යය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලැබේ.